ඩඩ්ලි සේනානායක විදුහල් මෑණී
ගුණ නැණ එඩි දී කරමින් සිසු කැල සුවිනී
හොබවා ලක් මෑණී
සැරදේ ඔබ නිතිනී//
දැනුමෙන් සරු වී
දහමෙන් ඔප වී
වඩවා දෑ ශක්තී
සියවස් කල්හී
ගතසිත සවිදී පෙර ගමනට ශක්තී
අපහට දෙන යෙහෙනී
සුරකිමු අප මෑණී……//
උරුමය සිරිලක දෙස බස රැස රැක
දෙස යස ලොව නංවා
නැණලු වඩවන යහ ගුණ මාවත
අප හට නිති පෙන්වා
වොරැදේවා පිනැතී
අප ආදර දිනැතී//
ඩඩ්ලි සේනානායක විදුහල් මෑණී
ගුණ නැණ එඩි දී කරමින් සිසු කැල සුවිනී
හොබවා ලක් මෑණී
සැරදේ ඔබ නිතිනී///………………….